Text/ Text/ Isuru's Paradize: 2013-09-29

වරයන් තුන

ඔන්න දවසක් කාන්තාවක් විලකින් කලයට වතුර එකක් පුරවාගෙන් උකුලේ තියාගෙන එන්න හැරෙද්දීම සද්දයක් ඇහුනාලු. "අනේ මාව නිදහස් කරන්න. අනේ මාව නිදහස් කරන්න" කියලා.

බැලින්නම් රත්තරන් මාළුවෙක් කලගෙඩියට වතුරත් එක්ක ඇවිත්. 

"මේකාට කථා කරන්නත් පුළුවන් නේ. නියම මාළුවෙක්. මේකා විකුණලා හොඳ ගානක් මට හොයාගන්න පුළුවන්." ඇය තමන්ටම කියාගත්තා.

ඒ අහපු මාළුවා... "අනේ මාව නිදහස් කරන්න. මම ඔබතුමියට වරයන් තුනක් ලබා දෙන්නම්. හැබැයි එක කොන්දේසියක් උඩ." කියලා කිව්වා.

කියන ඕනේ දෙයක් කියලා... මේ කාන්තාව ඒ මාළුවා ආපහු විලට දැම්මා. විලේ වටයක් ගහපු මාළුවා... ආයෙත් කාන්තාව ලඟට ඇවිත් මෙහෙම කිව්වා.


"මම මේ ආත්මය ලැබුවේ පිරිමි අයට අගෞරව කරලා. ඒක නිසා මම දෙන ඕනෑම වරයක් තමන්ගේ ස්වාමිපුරුෂයාට ඒ වගේ දස ගුණයක් වැඩියෙන් ලැබෙනවා. 
ඒක තමයි කොන්දේසිය.. එකඟද ..?" 

"ආ... ඒකත් එහෙමද? හොඳයි. එහෙමනම් කමක් නැහැ. මාව ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව කරන්න." කාන්තාව පැවසුවා.

"හරි. නමුත් මතක තියා ගන්න. ඔබේ ස්වාමිපුරුෂයා මේ වගේ දස ගුණයක් ලස්සන වෙයි." මාළුවා කාන්තාවට කිව්වා.

"කමක් නැහැ. මම බලාගන්නම්කෝ එයා ගැන." කාන්තාව මාළුවාට කීවා. ඉතින් ඇය ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව වුනා. 

"හොඳයි මාළුවෝ. මට ලෝකේ ඉන්න ලොකු ධනපතියෙක් වෙන්න උවමනායි." කාන්තාව කිව්වා. 

"හොඳමයි. නමුත් ඔබේ ස්වාමිපුරුෂයා මේ වගේ දස ගුණයක් ධනවත් වෙයි."

කමක් නැහැ. එයාගේ දැන් සල්ලිත් තියෙන්නේ මගේ ලඟනේ. ඉතින් මොකද? මේ කාන්තාව හිතුවා.

"ඔබේ ඒ වරයත් ඉටු කලා. ඔබේ අන්තිම වරය මොකක්ද?" මාළුවා ඇහුවා. 

මේ කාන්තාවට ඉතින් හිතුනා ධනය සේරම තමන් අයිති කරගන්න. ඉතින් ස්වාමිපුරුෂයා මැරුනාම ධනය බිරිදටනේ.

"ම‍ගේ ඊලඟ වරය, මට පොඩි හෘදයාභාදයක් ලබාදෙන්න." ඇය පැවසුවා "මොකද එතකොට ස්වාමිපුරුෂයාට එක දහ ගුණයක් වෙනවානේ."

"මොකක්, හරි කමක් නැහැ. ඔබේ වරය ඉටු කලා." මාළුවා කිව්වා.

කලින් දෙවතාවක්ම හෘදයාභාදයක් හැදුන කාන්තාව සුළු වුනත් හෘදයාභාදය නිසා මියගියා. 

ඒත් ඇයගේ සැමියාඊට වඩා දහ ගුණයකින් සුළු හෘදයාභාදයක් හැදුන නිසා ගානක්වත් ගියේ නැහැ. 
______________________________________________

ඔන්න ඔහොමලු ගෑනුන්ගේ හැටි .. 

1 comments: