Text/ Text/ Isuru's Paradize: 2014-06-15

බැංකු ගිණුම Payza සමඟ සම්බන්ධ කිරීම

පලමුව ඔබගේ Email එක  සහ Password භාවිතා කර Payza Account එකට Log වන්න.



දැන් ඔබේ නමින් ඔබගේ Payza Account එක පවතිනු ඔබට දැකගත හැකියි


පහත පියවර අනුගමනය කරන්න.

1) “Main menu” මත click කරන්න.

2) ලැබෙන menu එකෙන් “My bank accounts” මත click කරන්න.




1) අපේ ලංකාවට Bank Transfer එක Support කරන්නෙ නෑ.ඒක නිසා Bank Wire තෝරන්න.

2) Currency එක විදියට US Dollar තෝරන්න.

3Account Type එකට Personal Savings දෙන්න.

4) ඔයාගෙ බැංකු ගිණුම් අංකය ලබා දෙන්න.

5) මෙතෙන්ට ඔයාගෙ බැංකුවෙ Swift Code එක දෙන්න ඕන.ඔයාගෙ බැංකුවෙ Swift Code දන්නෙ නැත්නම් පහල තියෙන Link එක Click කරලා Swift Code ලබා ගන්න.


අනිත් තොරතුරු සාමානය පරිදි සම්පූර්ණ කරන්න.

6) ඔයාගෙ බැංකුවෙ නම ලබා දෙන්න.

දැන් Next Button එක Click කරන්න.


දැන් එන page එකෙන් ඔයා ඇතුලත් කරපු තොරතුරු වැරදිද කියල බලලා වැරදි නම් ආයෙත් කලින් page එකට ගිහිල්ලා නිවැරදි කරන්න.සියල්ල නිවැරදි නම් Terms and Conditions එකට tick දාලා Add Bank Account click  කරන්න.

ඔක්කොම නිවැරදිව සිදු උනා නම් පහල තියෙනව වගේ Message එකක් ඒවි.



Payza ගැන වැඩි විස්තර කිහිපයක්…




1)  තවත් ඔයා දන්න කියන Payza Account එකක් තියෙන කෙනෙකුට මුද්ල් යවන්න ඕන නම් Send Funds Click කරන්න.

2) ඔයාට කාගෙන් හරි මුදල් ඉල්ල ගන්න ඕන නම් Request Funds Click කරන්න.

3) බැංකු ගිණුමකින් හෝ වෙන විධියකින් Payza Account එකට මුදල් එකතු කරන්න ඕන නම් Add Funds 
Click කරන්න.

4) Payza හි තියෙන ඔයාගෙ මුදල් බැංකු ගිණුමට ගෙනවා ගන්න Withdraw Funds Click කරන්න.


ඔයාට Payza ගැන ගැටලු මොනවා හරි තියෙනවානම් site එකේ පහලම තියෙන Support Click කරන්න.




0 comments:

Payza ගිණුමක් සාදා ගැනීම

අන්තර්ජායෙන් මුදල් ඉපයීම ආරම්භ කිරීමේ මූලිකාංගය වෙන්නෙ අපි උපයන මුදල් අපේ බැංකු ගිණුමට ගෙන්වා ගන්න එක.නැත්නම් අපි මහන්සි වෙල වැඩ කරන එකේ තේරුමක් නැති වෙනවනේ.Internet එකේ තියෙනවා අපි උපයන මුදල් ආරක්ශාකාරීව අපේ බැංකු ගිණුමට ගෙනල්ල දෙන සහ අපි උපයන මුදල් අන්තර්ජාලයේදීම විවිධ දේ
මිලට ගැනීමට සේවා සපයන වෙබ් අඩවි.උදාහරන ලෙස Paypal සහ Payza දක්වන්න පුළුවන්.Internet Banking වල මූලිකයා විදියට සලකන Payza ගැන ඔයාලට විස්තර කරන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. Payza හි ගිණුමක් ආරම්භ කලාට පස්සෙ ඔයා එක එක site වල උපයන මුදල් Payza වලට ගෙන්න ගෙන එතනින් ඔයාගෙ බැංකු ගිණුමට ගෙනවා ගන්න පුළුවන්.

Payza හි ගීණුමක් ආරම්භ කිරීමට පහලින් click කරන්න





දැන් ඔබ Payza.com සමඟ සම්බන්ධ වෙනු ඇති.පහත දැක්වෙන්නේ Payza Home page එකයි.

මෙහි දැක්වෙන පරිදි “Sign Up Now” Click කරන්න.

මෙමඟින් දැක්වෙන්නේ ඔබේ ගිණුමේ වර්ගය තේරිය යුතු බවයි.මෙහි දැක්වෙන පරිදි Personal යන්නෙන් Select click කරන්න.



දැන් ඔබේ ගිණුමට ඔබගේ තොරතුරු ඇතුලත් කල යුතුවේ.මෙම ගිණුම ඔබට ඉතා වැදගත් බැවින් සම්පූර්ණයෙන්ම නිවැරදි තොරතුරු ලබා දීමට සැලකිලිමත් වන්න.නැතහොත් ඔබ යම් දිනක මුදල් ගෙන්වා ගැනීමේදි ගැටලු ඇති වීමට පුළුවන්.



 1) Mr/Mrs යන වග සඳහන් කරන්න.
     2) ඔබගේ මුල් නම ලබා දෙන්න.
     3) ඔබගේ  නමෙහි අවසාන කොටස හෝ ඊට පෙර වෙනත් කොටසක් ඇත්නම් එය ලබා දෙන්න.
     4) ඔබගේ ලිපිනයෙහි පලවන පේලිය.
     5) ඔබගේ ලිපිනයෙහි නගරය සඳහන් කිරීමට පෙර තවත් කොටසක් ඇත්නම් එය සඳහන් කරන්න.මෙය අවශම නොවේ.
     6) ලිපිනයෙහි සඳහන් ඔබගේ නගරය.
     7) ඔබගේ පළාත දක්වන්න.
     8) ඔබගේ තැපැල් කේතය සඳහන් කරන්න.
         (සැ.යු :- ඔබ ඔබ වෙසෙන ප්‍රදේශයේ Postal Code එක නොදන්නේ නම් පහත Link එක Click කරන්න).

                                  ඔබගේ Postal Code එක මෙතනින් ලබා ගන්න.


9)  ඔබගේ දුරකතන අංකය සඳහන් කිරීමේදී 0 සඳහන් නොකිරීමට සැලකිලිමත් වන්න.
    10) ඔබගේ රැකියාවේ ස්වභාවය දක්වන්න.
    11) එනයින් ඔබේ රැකියාව සඳහන් කරන්න.
    12) ඔබගේ උපන් දිනය දක්වා ඇති අනුපිලිවෙලට සඳහන් කරන්න.
    13) අවසානයේ Next Step button එක මත Click කරන්න.


දැන් ඔබගේ Account Information ලබා දෙන්න.

    1) Payza සඳහා නිවැරදි Email Address එකක් ලබා දෙන්න.එය මතකයේ තබා ගැනීම වැදගත්.මන්ද විවිධ වෙබ් අඩවි වල ලියාපදිංචි වීමේදී ඔබගේ Payza Email එක ලබා දීමට සිදුවන නිසා.

    2) කිසිවෙකුටත් අනුමාන කල නොහැකි password එකක් ලබා දීමට සැලකිලිමත් වෙන්න.

    3) Transaction Pin එකක් ලබා දෙන්නේ ඔබගේ ගිණුමෙහි ආරක්ශාව තහවුරු කිරීමට.මේ සඳහා ඔබ කැමති අගයක් ලබා දෙන්න.එය මතකයේ තබා ගැනීම හෝ ලියා තැබීම වැදගත්. Payza මඟින් ඔබ මුදල් ගෙන්වා ගැනිමේදී (Cash out කිරීමේදී) මෙම Transaction Pin එක ඇතුලත් කරන ලෙස ඉල්ලයි.මෙය නොමැතිව ඔබට මුදල් ලබ ගත නොහැකියි.එම නිසා මෙම අංකය ඉතා වැදගත්.

    4) ඔබට Password එක අමතක වුවහොත් එය නැවත ලබා
ගැනීම සඳහා Security Question එකක් ලබා දෙන්න.

    5) එයට පිලිතුරත් ලබා දෙන්න. Security Question එක සහ Answer එකත් මතක තබා ගැනීම වැදගත්.

    6) ඔබට ලැබෙන සංඛයා දෙක ඒ ආකාරයෙන්ම type කරන්න.මෙම සංඛයා දෙක space (හිස්තනකින්) එකකින් වෙන් කරන්න.

    7) අවසානයේ Final Step click කරන්න. 



මෙම Message එකෙන් දැක්වෙන්නේ ඔබගේ Account එක verify කිරීම සඳහා link එක එම Email Account එකට යවා ඇති බවයි.

දැන් ඔබ Payza සඳහා ලබා දුන් Email Account එකට Log වෙන්න. Payza මඟින් ලැබී අති Email එක open කරන්න.පහත ආකාරයේ Email එකක් ඔබට දැකගත හැකියි.


මෙහි “Click here to validate your email address” මත click කරන්න.


දැන් ඔබට ඔබගේ Email address එක Validate වී අති බව දකින්න පුළුවන්.


දැන් ඔබ ඔබගේ Payza ගිණුම සාදාගෙන අවසන්.ඔබ මේ හරහා
මුදල් ගෙනවා ගැනීමට නම් ඔබේ බැංකු ගිණුම Payza වෙතට ලබා 
දිය යුතුයි.

ඒ සඳහා පහත link එක click කරන්න.





0 comments: